ඊයේ (01) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ සීමරගම ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මරණකරු වයස අවුරුදු 16ක් වූ සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දරුවා නිවසේ ඇති විදුලි පෙනුවකට විදුලි උපකරණයක් සවිකිරීමට යාමේදි විදුලිසැර වැදී ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
දරුවාගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.