ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කර ඇත.
විදුලි බිල නොගෙවීම හේතුවෙන් එලෙස ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර ඇත.
එසේ විදුලිබලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස විදුලිබලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර වීමද විශේෂත්වයකි.