විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමටයි එම කොමිසම පියවර ගනු ලැබුවේ.
එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයී
- ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
- ඉන්දීය අගමැතිගේ අමෙරිකානු සංචාරය පෙබරවාරියේදී
- හනිෆ්ගෙන් CIDයට පැමිණිල්ලක්
- මෝදරින් පරිභෝජනයට නුසුදුසු පාන්පිටි තොගයක් හමුවෙයි
- ක්ෂේත්‍ර කිහිපයක විසඳුම් සෙවීමට අනු කමිටු ත්‍රිත්වයක් පත් කරයි
- ප්‍රදේශ කිහිපයකට තද වැසි
- නුවරඑළියේ එළවළු ජලයෙන් යටවෙයි