ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙහිදී සදහන් කර ඇත්තේ විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බවයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය හා මණ්ඩලය සම්බන්ධ වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගී වී තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













