ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියකයි ඒ බව දැක්වෙන්නේ.
ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය ඩී.ජේ.ටී. සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම අනුමත කර ඇති බවද අදාළ ලිපියේ දැක්වෙනවා.