පවතින අධික වැසි සහ සුළං තත්තත්වයන් හේතුවෙන් හදිසි බිඳවැටීම්වලට ලක්වූ විදුලි බලසැපයුම් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස විදුලි බලමණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ බිඳ වැටීම් සම්බන්ධයෙන් ආකාර කිහිපයකින්ම දැනුම්දිය හැකි බවයි විදුලි බලමණ්ඩලය පවසන්නේ.
ඒ අනුව CEBCare ඇප් එක මාර්ගයෙන් CEB වෙබ් අඩවියෙන් දැනුම් දීම් සිදු කරන ලෙසට දැනුම්දී තිබෙනවා.
එසේම BD හිස්තැනක් ගිණුම් අංකය සටහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක්(SMS) යොමු කිරීමෙන්ද විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුමීමට හැකියාව පවතිනවා.