විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග ගුවන් හා වරාය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
ගොඩබිම, ජලය , ගුවන ආශ්‍රිතව සිදුවන ප්‍රවාහනය එකම ජාතික ප්‍රතිපත්තියකට ගෙන ආ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේ දී අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළ කළා.