ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර පසුගිය 29 වනදා සිට මෙය බලපැවැත්වෙන බවයි එහි සදහන් වන්නේ
ඒ අනුව නව විද්‍යුත් යතුරු පැදියක් ආනයනය කරන්නේනම් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට පැවති සීමාව ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පරිහරණය කරන ලද විද්‍යුත් යතුරු පැදි ආනයනය කරන්නේ නම් තවදුරටත් බලපත්‍රයක් ලබා ගත යුතු වනු ඇති.