විද්‍යා පීඨ ඩිප්ලෝමාව අවසන් කළ 8,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් දිවයිනේ පුරප්පාඩු පවතින පාසල් වෙත අනියුක්ත කරන බවයි.
විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රිසි යන විෂයන්ට අදාලව පාසල් රැසක පුරප්පාඩු පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා .ලබන පාසල් වාරයට පෙර මෙම පිරිස ගුරු සේවයට බඳවා ගැනෙනු ඇති.
ඒ සඳහා මැතිවරණ කොමිසමේ ද අනුමැතිය ලබාගත් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කලේ .