මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රංටැඹේ යන ජලාශවල ජල මට්ටම් පිළිබඳව මහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට 188 cm පහළ පවතින අතර රන්දෙනිගල ජලාශය වාන් මට්ටමට 40cm පහළ මට්ටමක සහ රංටැඹේ ජලාශයේ වාන් මට්ටමට 151cm පහළ පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ .
ඒ අනුව මේ වන විට ජලාශ වාන් දැමීමක් සිදු නොවුනද කාලගුණ පුරෝකථනයන්ට අනුව එම ජලාශවල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය අනුව ජලාශ වාන් මට්ටම කරා ලඟා වන බවත්, එලෙස ඇතිවන වර්ෂාපතනය තවදුරටත් පවතින්නේ නම්, ඉදිරියේදී රන්දෙනිගල ජලාශය වාන් දැමීම සිදු විය හැකි බවත්, එමඟින් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් එහි සඳහන් වෙනවා .
එමෙන්ම වික්ටෝරියා ජලාශය ද වාන් දැමීම සිදු වුවහොත් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශවල ගඟ පරිහරණය කරන ජනතාව විමසිලිමත්ව හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා .














