දිවයින පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජලාශ 24 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 6 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 6ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 ක්, බදුල්ල, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජලාශ 2 බැගින් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු 4 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එහි ජලය කලා ඔයට මුදා හැරෙන බවද සදහන්.