Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා

    වැව් මායිමේ රක්ෂිත මායිම් ගල් දාලා

    2025-09-14කියවීමට මිනිත්තු 3ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් කඳුරුගස්වැව දික්වැව ගම්මානයේ වැව් මායිම තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත මායිම් ගල් දැමීම හේතුවෙන් තම වැවට හිමි භූමි ප්‍රමාණය අඩු වී ඇතැයි ගොවීන් චෝදනා කරනවා.

    මේ හේතුවෙන් යම් දිනෙක වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණයක් සිදු කරගැනීමට නොහැකි වනු ඇතැයිද ගොවීන් පෙන්වා දෙනවා.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටි කඳුරුගස්වැව ගම්මානයේ බොහෝ ගොවීන් පිරිසක් මෙම දික්වැව වැවෙන් තම වගා කටයුතු සඳහා ජලය ලබා ගන්නවා.

    මෙම වැව අහස් දියෙන් පමණක් පෝෂණය වන වැවක් වන අතර, එලෙස වැස්සෙන් පිරෙන වැවෙන් අවුරුද්ද පුරා අක්කර 160 ක් දෙකන්නයම වගා කිරීම සිදු කරනු ලබනවා.

    මෙම වැවෙන් පහළ කොටස පමණක් ගොවීන් වී වගාව සිදු කරන අතර, වැව් ඉස්මත්ත ලෙස එප්පාවල පොස්පේට් රක්ෂිතය පවතිනවා.
    එම ප්‍රදේශයේ කිසිදු වගාවක් සිදු කිරීමක් හෝ වැව් රක්ෂිත අත්පත් කර ගැනීමක් මෙම ගම්වාසීන් විසින් සිදු කර නොමැති බවද දැක ගැනීමට හැකියාව තිබෙනවා.

    එසේ තිබියදී හදිසියේම පසුගිය දිනවල මෙම වැව තුළම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන රක්ෂිත මායිම් ලෙස ලකුණු කරමින් ගල් දමා ඇතැයි ගොවීන් පවසනවා.

    වැව තුළ මෙලෙස රක්ෂිත මායිම් කිරීම හරහා වැවට හිමි භූමිය රක්ෂිතයක් වන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ යුත්තේ වැව් රක්ෂිතය අතැර ඔවුන්ගේ සීමා මායිම් සලකුණු කිරීම බවත් ගොවීන් පවසනවා.

    මේ දින වල වැසි රහිත කාළගුණයක් පවතින බැවින් වැව සිඳී පැවතියද, වර්ෂාවෙන් වැව පිරුණු පසු මෙම මායිම් ගල් පසු කරගෙන අඩි 100 ක් 200ක් දුරට ජලය පිරී යන බවද ගොවීන් පෙන්වා දෙනවා.

    යම් දිනෙක වැව ප්‍රතිසංස්කරණයේදී මෙම වන සංරක්ෂණ මායිම් ගල් ගලවා දමා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හෝ වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් වැව් රක්ෂිත ගල් වෙනම දැමීමට සිදු වන බවද ගොවීන් පෙන්වා දෙනවා.

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරී මාර්ග දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලු ආයතන සම්බන්ධ වී මෙම කටයුතු සිදු කළ යුතු වූවත්, එම ආයතන අතර කිසිදු සම්බන්ධතාවක් නොමැතිව මෙසේ එක් එක් ආයතනවල වුවමනාවන්ට කටයුතු කිරීම මගින් නිකරුනේ රජයේ මුදල් නාස්ති වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි මහතුන් මෙලෙස කියා සිටියා.

    “වන රක්ෂණයෙන් මේ ගල් සේරම දාලා තියෙන්නේ වැව ඇතුලේ. මේ වන විට මේ වැව ප්‍රථිසංස්කරණය කරන්න පළාත් වාරී මාර්ග එකෙන් මිනුම් කටයුතු කරලා තියෙනවා.

    ඊට පස්සේ මුදල් අනුමත වෙලා වැව සංවර්ධනය කරන්න එන කොට මේ ගල් වලින් එපිටට සංවර්ධනයක් කරන්න බෑ. වැව් බැම්මේ ඉඳන් අඩි 30 ක් වත් නෑ ගල් දාලා තියෙනවා.

    එතකොට කොහොමද මේ වැව සංවර්ධනය කරන්න.

    ඒ නිසා මේ සම්බන්ධව නිසි පිළිතුරක් ලබා දෙන්න කියලා කියන්නේ.

    ගොවි සංවිධානයවත් දැනුම්වත් කරන්නේ නැතිව මේ වැව ඇතුලේ ගල් දාලා තියෙන්නේ.

    මේ රක්ෂිතය කියලා ගල් දාන්න අවශ්‍යතාවයකුත් නෑ මිනිස්සු මේ රක්ෂිතයට ඇතුලු වෙන්නේවත් නෑ.

    අපි කියන්නේ වැව් රක්ෂිතය වෙන් කරලා, වන රක්ෂිතය ලකුණු කරාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

    මේ වැව් අහස් දියෙන් පිරෙන නිසා පුලුවන් තරම් මේ වැව්වලට ඉඩකඩ ලබා දීමයි කල යුත්තේ.

    මේ වැඩ වලින් වෙන්නේ වැවේ ධාරිතාවය තව තවත් අඩු වීම පමණයි.

    අපි මේ සම්බන්ධයෙන් නිළධාරීන් බළධාරීන් දැනුම්වත් කළත් කිසිම කෙනෙක් ආවේ නෑ.

    ඒ නිසයි අපි මේ විදිහට මාධ්‍යට කියන්නේ උසස් නිළධාරීන්ගේ දැනුම්වත් වීමට.

    අපි ඉල්ලන්නේ මේ වැවේ දියගිල්ම අතහැරලා සීමා මායිම් දාන්න කියලා.”

    පෙර පුව​තරන් බිස්කට් 51ක් පන්නන්න හැදු අයෙක් මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group