වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි සහ කළු ඇඳුමින් සරසි අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට තමන් ඇතුළු පිරිස පැමිණි බවයි.
ඝාතන සාධාරණීකරණය කරන ඇමති වරයෙකු සමග පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සිදු වීම පිලිබදව ලැජ්ජාවට පත්වෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ .
මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදියි.
උණුසුම් පුවත්
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල













