වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයෙක් මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසයි පවසනවා.
රාජ්‍ය බුද්ධි සේවයේද සහය ඇතිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්ඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව ප්‍රදේශයේ ඊයේ(25) දිනයේදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර අද(26) දිනයේදී ගාල්ල ප්‍රදේශයේද තවත් සැකකරුවන් දෙදෙනෙක් සහ තවත් සැකකරුවෙන් වැලිගම පොලිසිය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව හතක් වනවා.













