වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබුනා.
වෙඩිතැබීම හමුවේ බරපතළ තුවාල ලබා සිටි සභාපතිවරයා ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව මාතර මහ රෝහලට ඇතුළත් කර තිබුනා.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ .