වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර අදාළ වෑන් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ද ක්‍රියාවිරහිතව තිබෙනවා.