වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කොස්ලන්ද සහ වැල්ලවාය අතර කොටසේ පිහිටා ඇති අයිස්පීල්ල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් පැතිර ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.
ඊයේ පස්වරුවේ දී හටගත් ගින්න රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පහකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුලං තත්ත්වය නිසාගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද අලුයම වන විට ප්‍රදේශයට පැවති පිනි සහිත කාලගුණය සමග ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.