වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියෙක්.
මෙම පුද්ගලයා මීට වසර 3කට ඉහතදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුරකරුවෙකු සහ සේවකයෙකු ලෙස පැමිණ තිබෙනවා.
ඔහු අද පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලීසිය සදහන් කලා