ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගත් බවයි.
ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්රිස් සිල්වුඩ් මහතාගේ කොන්ත්රාත් කාලය පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වුණා.
ඒ අනුවයි සනත් ජයසූරිය මහතා ශ්රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුරු ලෙස පත්කෙරුණේ.
සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වට යටතේ ශ්රී ලංකා කණ්ඩායම ඉන්දීය සහ එංගලන්ත තරගාවලි දෙකකට එක්වු අතර එහිදී යළිත් ජයග්රාහි මාවතට පිවිසීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.