පානීය ජල බෝතල් වැඩි මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ වෙළෙඳ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් කර තිබෙනවා.
ඒ අනුව එම වෙළෙඳ ආයතනයට එරෙහිව ඊයේ(10) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලද අතර අදාළ නඩුවේ දී පානිය ජල බෝතලයක් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව පිළිගැනීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක දඩමුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.
එමෙන්ම තවත් සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.
ඊයේ(10) දින චූදිතයන් 14 දෙනෙකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු ගොනුකළ අතර ඉන් වරද පිළිගත් චූදිතයන් 12 දෙනා සඳහා අධිකරණය විසින් රුපියල් 880,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ආපදා අවස්ථාවේදී පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ඒ. ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.













