2024 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපාකෑම් සංඛ්‍යාව 1,84,926ක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
අමාත්‍යවරයා පැවසුවේ වැඩිම සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි.
ඒ අනුව රජය වසරකට ප්‍රථිකාර වෙනුවෙන් එන්නත් සඳහා රුපියල් මිලියන 950ක් 1000ත් අතර මුදලක් වියදම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.