ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ වැඩබලන සභාපතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී අද(19) පෙරරුවේ මෙම පත් කිරීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
මෙම පත් කිරීම ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ශාඛාවේ විධායක කමිටුව විසින් සිදු කරනු ලබනවා.
මෙම අවස්ථාවට සමගාමීව ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුල් දින කවරය, සමරු කාසිය සමරු තිළිණය හා පදක්කම වැබලන පොලිස්පතිතුමන් වෙත පිළිගැන්වීමද සිදුවිය.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ශාඛාවේ මහලේකම් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත්්‍රා සෙනවිරත්න, උප සභාපතිවරුන් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණි කරුණාතිලක සහ විශ්‍රාමික පොලිස් අධිකාරී නෝටන් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිස්ක එක්ව සිටියා.