පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වුවහොත් ඊට අදාළ වගකිව යුතු නිලධාරියාට සහ මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
පෙරේදා (01) සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණ දෙන නිලධාරි, කොට්ඨාස භාර නිලධාරි, අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදන නිලධාරීන්, මු. පො. ප. / ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින්, තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ 82 (අ) ප්‍රතිපාදන අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි.
පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරනු ලබන බවට මා වෙත ලිඛිත හා වාචික පැමිණිලි ලැබෙමින් පවතින බවත් එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස පොලිස් ස්ථානභාර නිලධාරීන් හා සෙසු නිලධරයන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන බවටද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.