වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 200ක මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පෑමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගරවල අද(16) දින පස්වරුවේ වතු කම්කරුවන් විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.
උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩවර්ජන කරමින් තම වැටුප වැඩිකර ලබානොගත් බවත් ඉතිහාසයේ පළමු වතාවට වැඩවර්ජන හෝ උද්ඝෝෂණ නොකරමින් එක්වර රුපියල් 400ක වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි.
විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලනඥනයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හඳුනන්නේ නොමැති බවත් තමන්ගේ දුක දන්නා පාලකයින්ට ඉදිරියේදී තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
බගවන්තලාව නගරයේදී මිනී පෙට්ටියක් රැගෙන වතු කම්කරුවන් උද්ඝෝෂණය කර නාමල් රාජපක්ෂ මහතාගේ පිළිරුවක් සකස් කර එයටද නගර මධ්‍යයේදී ගිනි තබා වැටුප් වැඩි කිරීමට විරුද්ධ වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපද ගිනි තබා තිබෙනවා.













