වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම වැඩි ඡන්ද 57 කින් අද පස්වරුවේ සම්මත වුණා.
එහිදි එම පනතට පක්ෂව ඡන්ද 98 ක් සහ විපක්ෂව ඡන්ද 41 ක් ලැබී තිබුණා.
එම අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
මේ අතර වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා.
එයට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55 ක් හිමි වුණා.
ඒ අනුව වැට් බදු පනත් කෙටුම්පත තුන්වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වුණා.