වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතියපැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය(TIN) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
එය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව යතුරු පැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් සහ ත්‍රීවිල් හැර අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමකදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අනිවාර්ය කර තිබෙනවා.













