ඉදිරි මාස කිහිපය තුළදී වාහන ආනයනය මත පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරවල පැවති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කර තිබූ අතර එය ක්‍රමිකව ලිහිල් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වාහන සඳහා එම තහනම ලිහිල් කිරීම සිදු වූ අතර ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවන් අනුව අනෙක් වාහන ආනයන සීමා ඉවත් කිරීමට නියමිතයි.
ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල, වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.