වාහන කොල්ලකෑමකට අවශ්‍යකරන සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
එම සැකකරුවන් කොල්ලකන ලද කාර් රථය ද සමඟ පසුගිය 15 වනදා දඹදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.
එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත, කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31 ක් වන ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.