අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.
මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ සංග්‍රහයක් පසුගිය දා නිකුත් කරන ලදී.
මේ පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා එහි දී පැහැදිලි කිරීමක් සිදුකර සිටියේය.
“මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ.” – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා.