වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් කර ඇති බවයි.
නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයකට පැමිණ නොමැති අතර මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට අවස්තාව සලසා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
කොළඹ තරුණ හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පවතින තත්වය මත මොටර් රථ ආනයනයනය කළහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ.
සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා..
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














