වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ නෙයිනකාඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.
ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කෘෂි කර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ඔය ගංගා නිම්නයේ සුළු වර්ෂාවකදී වුව ද ගංවතුර ඇති විමේ තත්ත්වයක් මතුව තිබෙනවා.
එමගින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ වගාවන් හානි වීම , අස්වැන්න අඩු වීම ද සිදුව ඇති බවයි වාර්තා වුනේ.
ඊට විසඳුම් සපයමින් රුපියල් මිලියන නවසියක ප්‍රතිපාදන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.
මෙමගින් අක්කර විසිහත්දහසකට බාධාවකින් තොරව ජලය සැපයීමට හැකි වනු ඇති.