රාජකාරී නතර කර වෘත්තිය ඉල්ලීම් දිනා ගැනීමට ක්‍රියාකරන රාජ්‍ය ආයතන අතරට වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව එවැනි ක්‍රියාවලින් ඈත් වීමෙන් රටට ආදර්ශයක් සපයා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ගේ 49 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වාරි මාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි මෙම උත්සවය පැවැත් වුණා.
මෙම දෙපාර්තමේන්තුවට විශිෂ්ට සේවාවක් සිදුකර දැනට විශ්‍රාම ගොස් සිටින ඉංජිනේරුවරුන් ඇගයීම මෙහිදි සිදු වීම විශේෂත්වයක්.