වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා .
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් .
දිවයිනේ පළාත් පුස්තකාල සේවා මණ්ඩල මඟින් පුස්තකාල පද්ධතිය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය හා සේවාව ඇගයීමට ලක්කිරීමේ හා එම සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික සමුළුව පවත්වනු ලබනවා.
මෙම සමුළුව පැවැත්වෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත පළාත්සභා ක්‍රමය අනුව මෙරට පුස්තකාල සේවාව පුළුල් කිරීමේ හා විධිමත් කිරීමේ අරමුණෙන් පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ යටතේ උතුරු මැද, ඌව, සබරගමුව හා මධ්‍යම යන පළාත් සභාවලට අනුබද්ධිතව පළාත් පුස්තකාල සේවා මණ්ඩල හා මධ්‍ය පුස්තකාල ස්ථාපිත කර තිබෙනවා .
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














