වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතිනවා.
එබැවින්, දැනට එම දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර දරන ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන අර්ථනා ෂාෆි මෝහන් මහත්මිය, වහාම ක්‍රියාත්මක වන පරිදි වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.