Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යාජ ලියකියවිලි සකස් කරගෙන මුදල් එකතු කල කාන්තාවක් කොටු

    ව්‍යාජ ලියකියවිලි සකස් කරගෙන මුදල් එකතු කල කාන්තාවක් කොටු

    2023-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාජ ලියකියවිලි සකස් කර මාස තුනක් වයසැති බිලින්දෙකුගේ රෝගි තත්ත්වයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කල කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා.

    සැකකාර කාන්තාවගේ සහෝදරයෙකු සහ කුලි පදනම මත ලබාගත් පුද්ගලයෙකු සහ ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන නගරයට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කිරිම සිදු කරමින් සිටියදි ඒ පිලිබදව සැකසිතු ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැදවා විමර්ෂණයක් සිදු කිරිමේදි මෙය ජාවාරමක් බවට තහවුරු වුණා.

    සැකකාර කාන්තාව සිය ස්වාමියාගෙන් නිතියානුකුලව වෙන් වි මෙම මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවත්, ඡායාරුපයේ දැක්වෙන බිලින්දා සැකකාර කාන්තාවගේ දියණිය බවත්, බිලින්දියට කුඩා කල ඇති වු රෝගි තත්ත්වයක සදහා ලබාගත් ඡායාරුපයක් ප්‍රදර්ශනය කරමින් මුදල් එකතු කිරිමේ ජාවාරමක නිරතව සිටියද  ඡායාරුපයේ සිටින දියණිය අවු 08  වයසැති පාසල් වියේ පසුවන දැරියක් බවත්, ඇය දැනට සිය පියා භාරයේ සිටින බවද ගිනිගත්හේන පොලිසිය විසින් සිදු කල විමර්ෂණයේදි අනාවරණය වි තිබුණා.

    දිවයින පුරා ප්‍රධාන නගර වලට ගොස් එම නගරයට ආසන්න නගරයකින් දිනකට රු පන්දහසක මුදලකට කුලි පදනම මත ත්‍රිරෝද රථයක් ලබාගෙන එම ත්‍රිරෝද රථයේ දැරියගේ ඡායාරුප ප්‍රදර්ශනය කර මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අවු 29 වයසැති වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකාරිනියෙකු බවත්, සැකකාර කාන්තාවගේ සොහොයුරු අවු 28 වයසැති පුද්ගලයෙකු බවත්, එම සැකකරුද සිය සහෝදරිය සමග දිවයින පුරා ගොස් මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවත්, අනෙක් පුද්ගලයා මුත්තුර් තොපුර් ප්‍රදේශයේ පදිංචි අවු 28 වයසැති පුද්ගලයෙකු බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    මෙම ජාවාරම මෙහෙය වු කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇයගේ රාජ්‍ය බැංකුවක ගිණුමක රු එක් ලක්ෂ තිස්පන්දහසක මුදලක් තැන්පත් කර ඇති බවත්, එම මුදල යාපනයෙන් අවස්තා කිහිපයකදි තැන්පත් කර ඇති බවයි සැකකරුවන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.

     

    පෙර පුව​තමඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම
    ඊළඟ පුව​ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group