ව්‍යාජ ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික පත්, හෙරොයින් හා තියුණු ආයුධ සමග සැකකරුවෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කළුතර දකුණ, ගැමුණු මාවත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 100ක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 7ක්, ව්‍යාජ රක්ෂණ සහතික 7ක් සහ තියුණු ආයුධ 4ක් සොයාගෙන තිබෙනවා. කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.