මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක අත්අඩංගුවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේදී මෙම වැටලීම සිදු ඇති අතර, එහිදී රු 5,000 ක මුදල් නෝට්ටු 10ක් සමඟ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පනස් දෙහැවිරිදි මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ ව්‍යාජ රුපියල් 5,000 සේ මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000 සේ නෝට්ටු 08 ක්, රුපියල් 100 යේ නෝට්ටු 01 ක් සහ රුපියල් 20 සේ නෝට්ටු 02 ක් සොයා ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














