අවුරුදු සමය තුළ ව්‍යාජ මුදල් නොට්ටු සංසරණය වීම වැඩිවී තිබෙන බව පොලිසිය පවසනවා.
එබැවින් මුදල් ගනුදෙනු කිරීමේදී ඒ පිලිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂයෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාජ මුදල් මාරුකිරීමට පැමිණෙන පුද්ගලයින් සිටිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.
මුදල් ගනුදෙනු කිරීමේදී යම් නෝට්ටුවක වෙනසක් පවතී නම් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.