පකිස්තානයේ හමුදාපති අසීම් මුනීර්ට වැඩි බලතල ලබා දීම ඇතුළුව පුළුල් වෙනස්කම් යෝජනා කරන ප්‍රධාන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රමුඛ රජය පියවර ගැනීමට සූදානම් වන පසුබිමක් තුළ පාකිස්තානය පුරා විපක්ෂ කණ්ඩායම් විසින් විරෝධතා ආරම්භ කර තිබෙනවා.
ඔවුන් මෙම පියවර විවේචනය කර ඇති අතර, එය ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සොලවනු ඇත” යනුවෙනුයි අනතුරු අඟවන්නේ.
යෝජිත 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පකිස්තානයේ රාජ්‍ය ආයතන අතර බල තුලනය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට උත්සාහ කරන බව ද ඔවුහු චෝදනා කරනවා.













