අයහපත් කාලගුණික තත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් අද සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය , යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස , මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කෙරෙනු ඇති .
මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවයි අමාත්‍යාංශය සඳහන් කලේ .













