Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 168ක මෙල්බර්න් සරසවි ඉතිහාසය වෙනස් කළ ලංකාවේ නිවුන් සොයුරියෝ

    වසර 168ක මෙල්බර්න් සරසවි ඉතිහාසය වෙනස් කළ ලංකාවේ නිවුන් සොයුරියෝ

    2022-12-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.117 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා.
    එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන් එකවර ආචාර්ය උපාධි හිමිකර ගත් නිවුන් සොහොයුරියන් වන නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්න දෙසයි.
    කොළඹ මියුසියස් විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ මේ නිවුන් සොයුරියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයට ඇතුළු වී ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය පිළිබද උපාධිය හදාරනු ලැබුවා.
    එහිදී එම විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට උපාධි ලකුණු සාමාන්‍යය හතරෙන් හතරක් ලෙස උපරිම ලකුණු සාමාන්‍යය ලබා ගැනීමට නදීෂා ගුණරත්න සමත් වුවා.
    ඔවුන් එම උපාධිය නිම කළේ පළමු පන්ති ගෞරව උපාධි ලබා ගනිමින්.

    “…..ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වගේ ගොඩක් උසස් විශ්වවිද්‍යාලයයක ඉගෙන ගන්න ලොකු අශාවක් තිබුණා.
    ඉතින් එහෙම හොයමින් ඉන්නකොට මහාචාර්යවරයෙක් කිව්වා පීඑච්ඩී ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් හොයනවා කියලා.
    ඒක ප්‍රධාන පෙළේ චොක්ලට් සමාගමක පූර්ණ ශිෂ්‍යත්වක් දෙන උපාධි පාඨමාලාවක්.
    ලෝකෙ පුරාම අය ඒකට අයැදුම් කරලා තිබුණා.
    ඉතින් අපි දෙන්නාත් වාසනාවන්ත වුණා ඒකට තේරෙන්න.
    ඒ අනුව අපි දෙන්නා චොක්ලට් සම්බන්ධයෙන් හදාරන්න තීරණය කළා.”

    ආචාර්ය උපාධිය සදහා දෙදෙනාම චොකලට් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ චිත්තාවේග හා සංවේදී ඉන්ද්‍රීන්ගේ ප්‍රතිචාර පිළිබද අධ්‍යයනය කර තිබෙනවා.

    තේජානි, චොකලට් මිල දී ගැනීම සදහා රසයේ බලපෑම සහ නදීෂා ඇසුරුම්කරණයේ බලපෑම පිළිබදව පර්යේෂණ සිදුකළා.

    ඔවුන් දෙදෙනා සම කර්තෘත්වය දරමින් පළ කර ඇති විද්‍යාත්මක පර්යේෂණ ලිපි සංඛ්‍යාව 7ක්.

    නදීෂා ගුණරත්න මේ වන විට අමෙරිකාවේ පදිංචිව සිටින අතර එරට ඇම්වේ නමැති ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක්.

    තේජානි ගුණරත්න ඕස්ට්‍රේලියාවේ CSIRO ජාතික විද්‍යා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක්.

    ආචාර්ය තේජානි ගුණරත්න ට ද්විත්ව පුරවැසිභාවය හිමියි.
    ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න තමයි බලාපොරොත්තුව.
    අවුරුද්දට සැරයක් හරි ලංකාවට යනවා එනවා.
    ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් මේ දෙන්නගෙන් අහන්නේ කොහොම ද මෙහෙම අවස්ථා ගන්නේ කියලා.
    ඉතින් ඒ අයටත් උදව් කරගෙන තමයි රස්සා කරන්නේ.

    නදීෂා ගුණරත්න ආචාර්ය උපාධියෙන් පස්සේ අමෙරිකාවට ගියා.
    එහෙදි විවාහ වුණා.
    දැන් අමෙරිකාවේ ස්ථිර පදිංචිකරුවෙක්.
    ඒ වුණාට ඕස්ට්‍රේලියාවට ගොඩක් යැවෙනවා මගේ පවුලේ අනිත් අය ඉන්න නිසා.

    NADEESHA GUNARATNE phd twins THEJANI GUNARATNE
    පෙර පුව​තදේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ
    ඊළඟ පුව​ත නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group