මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
එමෙන්ම පසුගිය වසරේ (2024) 200ක පමණ නිලධාරීන් සංඛ්‍යාවකගේ වැඩ තහනම් කළ බවත් ඔහු සඳහන් කළා.
එසේ වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියා හැඟීමක් නොමැති නිසා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම ඇතැම් පිරිස් අවුරුදු 25ක් සේවයේ සිට තම තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගතවන අවස්ථා ද තිබෙන බව ඔහු සඳහන් කළා.