පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත් වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පැවසුවා.
පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය නිල වශයෙන් පසු කළ බව ඔහු ප්‍රකාශ කළා.
පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත් ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු සඳහන් කළා.
අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් බවත් ඉන් ඩොලර් මිලියන 500 සෘජු විදෙස් ආයෝජන බවත් ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජන බවත් හේරත් මහතා පැවසුවා.
එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956 ඇතිකර තිබෙන බවත් ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස 7 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක පනයන සිදුකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.