මෙම වසරේ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාල සීමාව තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
එදින ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 9,275ක්
කෙසේවෙතත් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,367ක් ලෙසයි වාර්තා වන්නේ.
එමෙන්ම රුසියාවෙන් සංචාරකයින් 8,425 දෙනකු, එක්සත් රාජධානියෙන් 6,067 දෙනකු සහ ජර්මනියෙන් 5,306 දෙනකු මෙරටට පැමිණ ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කලා.










