2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මැචාඩෝට පිරිනමා තිබෙනවා.
වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇය දැරූ නොනවතින උත්සාහයන් වෙනුවෙනුයි මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමිව ඇත්තේ.
ඔස්ලෝහිදී සම්මානය ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සිටින ධෛර්යමත්ම කාන්තාව ඇය බවයි.
එමෙන්ම වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය ඉතා භයානක තත්ත්වයක් පවතින නමුත් ඇය දශක දෙකකට වැඩි කාලයක් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා නොසැලී පෙනී සිටීමද විශේෂත්වයක් වනවා.
වෙනිසියුලාවේ ඒකාධිපති රජය පිළිබඳ දිගුකාලීන විවේචකයෙකු වන මැචාඩෝ, එරට විපක්ෂයේ කැපී පෙනෙන චරිතයක් ලෙසද හදුන්වනු ලබනවා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














