මෙම වසර ගත වූ පළමු දින 25 තුළ සංචාරකයින් දෙලක්ෂ 23,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලසීමාව තුළ එක් දිනකදි වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15 වනදා වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 10,483 ක් බවයි එම අධිකාරිය සදහන් කළේ.
එමෙන්ම මෙම දින 25 තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 41,603 ක් ලෙස සදහන් වනවා.
ඊට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු මෙරටට පැමිණි තිබෙනවා.










