Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වවුනියාවේ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    වවුනියාවේ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-08-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට 24 වැනිදා අලුයම ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ(02) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා වවුනියාව පොලිසිය සිදුකළ පරීක්ෂණ මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

    වවුනියාව,කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද(03) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පැවසුුුවා.

    ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා ඊයේ(02) සවස නියෝග කළා.

    පොලිසිය පැවසූවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර,පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වැනිදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු බවයි.

    සැකකරුවන් උපන්දින සාදයක් පැවැත්වු නිවසට පැමිණ නිවැසියන්ට කැපුම් තුවාල සිදුකොට,නිවැසියන් ගෙතුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තැබීමද සිදුකොට තිබුුුණා.

    සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසුුුවා.

    නිවසට ගිනි තැබීමට හා නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන සිසිටිවි දර්ශනද පොලිසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුුුණා.

    අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත ඝාතන සිදුවීම සිදුකොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබු අතර, සැකකරුවන් ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් වවුනියාව,වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී 01 වැනිදා සොයා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

    වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එලෙස අත්අඩංගුවට ගෙන තිබුුුණා.

    ඝාතනයන්ට අදාළ ප්‍රධාන සැකකරු හා මියගිය සුගන්ධන් නමැත්තා දීර්ඝ කාලයක්  මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කොටගෙන තිබුණා.

    ප්‍රධාන සැකකරු අනතුරුව කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව බාරදි ඇති බවට අනාවරණ වි ඇති බවද පොලිසිය පැවසුුුවා.

    සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

     

    පෙර පුව​තcasino
    ඊළඟ පුව​ත ජල ගාස්තුව වැඩියි! ආපනශාලා තුළ වැසිකිළි තහනම්?

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group