වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2018 නොවැම්බර් 29 වැනි දින රාජකාරියේ යෙදී සිටි වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් නිරෝෂණ ප්‍රසන්න උඩුගම සහ කොස්තාපල් ගනේෂ් දිනේෂ් යන දෙදෙනා පොලීසියේ සිට කිලෝමීටර් 1 ½ක පමණ දුරකින් පිහිටි පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී වෙඩිතබා ඝාතනය කර ඇත.
පොලිස් කොස්තාපල් නිරෝෂණගේ සිරුර පොලිස් මාර්ග බාධකය අසල පිහිටි මුරකුටියේ ඇඳක් මත තිබියදී සොයාගෙන තිබූ අතර කොස්තාපල් දිනේෂ්ගේ සිරුර මුරපොළ අසල ලණුවකින් ගැටගසා මරාදමා තිබියදී පොලීසිය විසින් සොයාගන්න ලදී.