යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුකල මෙම වැටලීමේ දී නීති විරෝධි ලෙස සන්තකයේ තබාගත් වල්ලපට්ටා තොගය සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට වුණා.
පොලීසිය පැවසුවේ මෙම වැටලීම මතුගම, කෝපිවත්ත ප්‍රදේශයේදී සිදුකරන ලද අතර එහිදී රුපියල් මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝ 15 යි ග්‍රෑම් 750ක් සොයා ගත් බවයි.













