නීති විරෝධීව සන්තකයේ තබාගෙන සිටි වල්ලාපට්ටා තොගයක් සමග සැකකාර පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශ වෙතින් පොලිසිය වෙත ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා.
ඒ සඳහා දෙණියාය වන සංරක්ෂණ නිලධාරීන් සමග එක්ව මාතර කොටපල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සතුව තිබී වල්ලපට්ටා කිලෝ 110 ග්‍රෑම් 450ක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 662කට අධික බවත් යුද හමුදාව පවසනවා.













